brand logo

කොවිඩ් 19 රෝගීන් ඝාතනය කිරීම බොරු - චීන රජය කියයි

14 February 2020

කොවිඩ් 19- (කොරෝනා) වෛරසය වැලඳුණ රෝගීන් චීන රජය විසින් ඝාතනය කරන බව දැක්වෙන වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වන බවත් එම වීඩියෝ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් චීන රජය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. මෙම සිදුවීම චීනයේ මානවීය ගුණයට එල්ලවූ ප්‍රහාරයක් බව එම නිවේදනයේ සඳහන්ය. වෛරසය සමග සටන් කිරීමට චීන රජය උපරිම සහ ඉහළම තීන්දු ගෙන ඇති බවත් රට පුරා එකොළොස් දහසකට අධික සෞඛ්‍ය වෘත්තිකයන් අදටත් සේවයේ නියුතු බවත් කියයි. චීන රජය දින 10ක් ඇතුළත රෝහල් දෙකක් ඉදිකළ අතර ඇමරිකානු ඩොලර් මිලියන 10ක් රෝගය වැළැක්වීමට වෙන් කොට ඇති බව සඳහන් කර සිටී. චීනයේ සහ ලෝකයේ සියලුම ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට සෑම විටම කැප වෙන බව වැඩිදුරටත් නිවේදනයේ සඳහන් කර ඇත.    
 

More News..