brand logo

කොවිඩ් 19 මෙරට කාර්මික සහ සේවා අංශත් වෙළාගනී

18 February 2020

චීනයේ කොවිඩ් - 19 වෛරසයේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ කාර්මික හා සේවා අංශ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ජනවාරි මාසය අවසානය දක්වාම මන්දගාමී වේගයකින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මහ බැංකුවේ PMI (purchasing manager's Index) දර්ශකයට අනුව නිෂ්පාදන අංශය දෙසැම්බර් මාසයට වඩා ඒකක 0.3කින් ජනාවරි මාසයේදී පහළ ගොස් ඇත. චීන අලුත් අවුරුදු කාලයට සමගාමීව ​​කොවිඩ් - 19 වෛරසයද සීග්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය මිලදී ගැනීම් අඩුවීමද සැපයුම්කරුවන්ගේ බෙදාහැරීම් කාලය දීර්ඝවීමද සිදුව ඇතැයි මහබැංකුව පවසයි. මෙම අංශවලට සම්බන්ධ බොහෝ ව්‍යාපාරිකයන් සඳහන් කර ඇත්තේ, චීනයේ සිදු කෙරෙන ආනයන කිරීම් දින නියමයක් නොමැතිව චීන සැපයුම්කරුවන් විසින් කල්දමා ඇති බව යැයි මහ බැංකුව සඳහන් කරයි. එම නිසාම නිෂ්පාදන අංශයේ රැකියා සැපයුමද පහළ වැටී ඇතැයි පැවසේ. වෛරසය පැතිරීම හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය කඩාකපල්වනු ඇතැයි අපේක්ෂා කළද, ඉදිරි මාස 03 සඳහා අනෙකුත් නිෂ්පාදන සඳහා වන අපේක්ෂකත්වය මඳක් ඉහළ මට්ටමක පවතින බවත් මහ බැංකුව පවසයි.   නයන තරංග ගමගේ    
 

More News..