brand logo

කොවිඩ්-19 නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ 150ක් දිවයිනට

30 June 2020

කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 150දෙනෙකු අද (30) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපළ අප වාර්තාකරු සදහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 319 දරණ විශේෂ ගුවන් යානයෙන් ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළට උදෑසන 8.52ට පැමිණි බවයි. මෙලෙස දිවයිනට පැමිණි පිරිස අතර රැකියා සදහා ගොස් සිටි පිරිසක් උසස් අධ්‍යාපනය සදහා ගොස් සිටි සිසුන් පිරිසක් ද සිටින බවට වාර්තා වේ. අදාළ ගුවන් මගීන් පිරිස දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපලේ දී පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා ලක් කර තිබේ.
 

More News..