brand logo

කොවිඩ්-19 ආසාදනය වූ තවත් සිව්දෙනෙකු හදුනාගැනේ

11 August 2020

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් සිව්දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. මොවුන් සිව්දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වන බව සෞඛ‍්‍ය අමාත්‍යංශය සදහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2875ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ආසාදිතයින් 242දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ‍්‍ය අමාත්‍යංශය සදහන් කරයි. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 2622දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් ගොස් ඇත.
 

More News..