brand logo

කොවිඩ් 19ට සමාන නව වෛරසයක් සොයා ගනී

09 November 2020

කොවිඩ් 19 වෛරසය හා සමාන නව මාදිලියේ කොරෝනා වෛරසයක් සොයා ගැනීමට ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබී ඇත. දැනට වසර හතකට පමණ පෙරාතුව එරට වනාන්තරයේ වෙසෙන කුඩා ප්‍රමාණයේ horseshoe වවුලන්ගේ අසුවී තුළ තිබී මෙම රෝග කාරක බීජය සොයාගෙන ඇත. එය නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසයට හේතු වන SARS-CoV-2 වෛරස හා සමාන ලක්ෂණ සහිත බවට මෑතක දී සිදු කල පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. නව වෛරසයේ ජානමය සැකැස්ම SARS-coV-2 වෛරසයේ සැකැස්ම හා 81.5% ක ප්‍රමාණයකින් සමාන බව පර්යේෂකයින් පවසයි. ඒ අනුව වර්තමාන වසංගතය සඳහා හේතු වූ වෛරසය හා සමාන රෝග කාරක බීජයක් ජපානය තුළින් හමුවුණු පළමුවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර චීනයේ තිබී එම වෛරසයේ ජාන සැකැස්ම හා 95%ක සමානාත්මතාවක් සහිත කොරෝනා වෛරසයක් හඳුනාගෙන තිබේ.
 

More News..