brand logo

කොවිඩ් සුව වූ අනුරාධපුර කතකට යළිත් කොවිඩ්

16 June 2020

කොවිඩ්-19 ආසාදනයවී මෙරටට පැමිණ රෝහල් ප්‍රතිකාර ලබා සුව වී නිවසට ගොස් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි අනුරාධපුර,කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවකට යළි කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (15 වැනිදා) අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණය විය. මෙම කාන්තාවට කොවිඩ් වයිරසය ආසාදනය වී මෙරටට පැමිණි පසු හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී ඇත. ඇය නිවසට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී ක්ලාන්තය සහ හිසරදය ඇතිවීම නිසා රෝහල්ගත වී ඇත. ඇය සිය නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටියදී ඇතිවූ රෝග ලක්ෂණ මත පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වූ බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර 'අරුණ' කළ විමසුමකදී පැවසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..