brand logo

කොවිඩ් සුව වුවත් වෛරසය මාසයක් සිරුරේ

02 September 2020

කොවිඩ් ආසාදිතයින්ගේ සිරුරෙන් වෛරසය සම්පූර්ණයෙන්ම ඉවත් වීමට මාසයක පමණ කාලයක් ගතවිය හැකි බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. එක් වරක් වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු එයින් සුව වූ පසු එම රෝගියා කොරෝනා වෛරසය රහිත පුද්ගලයෙක් බව හඳුනාගත හැක්කේ මාසයකට පසුව සිදු කෙරෙන පීසීඅර් පරික්ෂාවක් අනුව බවට තොරතුරු බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක දැක්වේ. මොදේනා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ෆ්රැන්සෙස්කෝ වෙන්චුරෙල්ලි ඇතුළු කණ්ඩායමක් රෙජියෝ එමිලියා පළාතේ රෝගීන් 1,162කු යොදාගෙන කළ පීසීඅර් පරීක්ෂණ මත එම නිගමනයට එළඹ තිබේ. කොවිඩ් ව්‍යාප්තිය මධ්‍යයේ වුවත් මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් සිය දෛනික ජීවන රටාවට හුරුවෙමින් පවතින නමුත් නිවැරැදි සීමාකිරීම් යටතේ පමණක් නැවත රටවල් විවෘත කළ යුතු බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩේරෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් පවසා තිබේ.
 

More News..