brand logo

කොවිඩ් සුවවී දින 02න් සේවිකාව මියගිහින්

17 February 2021

  කොවිඩ් ආසදිතව ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් අනතුරුව හදිස්සියේ ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුලත් කර සිටියදී තරුණියක මියගිය බව රිදිමාලියද්ද පොලිසිය සඳහන් කරනවා. මෙසේ මියගොස් තිබෙන්නේ අද (17) දිනයේ වන අතර රිදිමාලියද්ද 8 කණුව, වදකහඅරාව යන ලිපිනයේ පදිංචිව සිටි කේ.එච්. එම්. චන්දිමා දමයන්ති නැමැති වයස 21ක තරුණියකි. ඇය දරුවන් හතර දෙනෙකු සිටිනා පවුලක වැඩිමහල් දරුවා වනවා. රිදීමාලියද්ද ගැමුණුපුර ඇගලුම් ආයතනයක සේවයේ නියුතු ඇය කොවිඩ් වැළඳීම නිසා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 10ක් ප්‍රතිකාර ලබා නිවසට පැමිනෙනවා. පසුව දින දෙකක කාලයක් ගතවන ඊයේ (16) දින රාත්‍රී 8.00ට පමණ ස්වසන අපහසුතාවයක් හේතුවෙන් රෝගී වී සුවිසරිය ගිලන්රථ සේවාව ඔස්සේ ප්‍රතිකාර සඳහා මහියංගණ රෝහලටත්, ඉන්පසු බදුල්ල රෝහලටත් ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබේ. එහිදී ඇය මරණයට පත්වී ඇති බවට වාර්තාවනවා. කෙසේ නමුත් ඇගේ දෙමාපියන් චෝදනා කරන්නේ නිලධාරින්ගේ ප්‍රමාදය හේතුවෙන් මෙම මරණය සිදුවු බවටයි. මියගිය තරුණියගේ දේහය මේවන විට බදුල්ල මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අද (17) දින බදුල්ල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
 

More News..