brand logo

කොවිඩ් සෑයක් සයිබර් අවකාශයේ බඳියි

04 October 2021

අරලිය මලකින් එන දුක්බර මතකයක්

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් ‘කොවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්’ නිර්මාණය කර තිබේ. මෙම ස්මාරකය ඔන්ලයින් අවකාශය තුළ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. ඔක්තෝම්බර් 02 වෙනිදා වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ 13,059ක් වාර්තා වන අතර මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසයි. දිවයිනේ කොවිඩ් මරණ වාර්තා වූ සෑම ප්‍රදේශයකම කාන්තා සහ පිරිමි මරණ වෙන වෙනම දැක්වෙන පරිදි අරලිය මල සංකේතවත් කරමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

කොවිඩ් 19 අනුස්මරණ ස්මාරකයට මෙතැනින් පිවිසෙන්න...

 

More News..