brand logo

කොවිඩ් සැමියා නිසා හොරණ රෝහලේ වාට්ටුවක් වහයි

06 October 2020

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩින්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ කඳන්හේන ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද (06) දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පීසීආර් පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය. ඒ අනුව එම රෝගියා වහාම අයිඞීඑච් රෝහලට මාරු කර යැවීමට කටයුතු කළ අතර ඔහුගේ බිරිඳ හොරණ මූලික රෝහලේ හෙදියක් වශයෙන් සේවය කරන බැවින් ඒ සම්බන්ධයෙන් හොරණ රෝහල් බලධාරීන්ට ද දන්වා යැවූ බව කළුබෝවිල මහතා වැඩිදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් හොරණ මූලික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉන්දික ධර්මරත්න මහතාගෙන් කළ විමසිිමකදී ඔහු ප‍්‍රකාශ කර සිටියේ එම සිද්ධිය සත්‍ය බවත් එම හෙදිය සහ දරු දෙදෙනා පීසීආර් පරක්‍ෂණවලට ලක්කර නිරෝධායනට යොමු කර ඇති අතර එම හෙදිය සේවය කළ හොරණ මූලික රෝහලේ 5 වෙනි වාට්ටුවට මේවන විට කිසිඳු බාහිර පුද්ගලයෙකුට ඇතුළත්වීමට සහ පිටවීමට නොහැකිවන සේ තාවකාලිකව වසා දමා ඇති බවත්ය. පවත්නා ඔිනෑම හදිසි තත්වයකට මුහුණ දීම සඳහා හොරණ මූලික රෝහලේ පැරණි හදිසි ප‍්‍රතිකාර ඒකකය සහ අංක 01 වාට්ටුව කොරෝනා රෝගීන් ඇතුළත් කර ගැනිම සඳහා සුදානම් කර ඇති බවද ධර්මරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
 

More News..