brand logo

කොවිඩ් සමජගතවිය හැකි ක්‍රමයක් ගැන අනතුරු හැඟවීමක්.

26 August 2020

පුද්ගලයින් නිත්‍යානුකුල නොවන ලෙස මෙරටට සංක්‍රමණය වුවහොත් එම නීති විරෝධී සංක්‍රමණිකයන් නිසා කොවිඩ් අසාදනයක් පැතිරයාමේ අවධානමක් ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසනවා. පිසි අර් පරීක්ෂණ කෙතරම් සිදුකලත් සමාජය තුලින් රෝග වර්තාවිමක් නොමැති බව වෛද්‍ය සුදත් සමරවීර මහතා වැඩිදුරටත් පවසනවා මේ අතර ත්‍රිවිද හමුදාවේ නිරෝධායන මද්‍යස්ථාන වලින් අද (26) පුද්ගලයින් 228ක් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා ගොස් ඇත. මේ බව කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මද්‍යස්ථානය නිවේදනය කරනවා. අද වන විට පුද්ගලයින් 32,816ක් නිරෝධනය අවසන් කර ඇති අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මද්‍යස්ථාන 65කින් පුද්ගලයින් 7,058 දැනට නිරෝදායනය වෙමින් සිටින බව සඳහන්. මේ වන විට සමස්ථ කොවිඩ් පරීක්ෂණ 211,090 ක් කර ඇති අතර ඊයේ දිනය (25) තුල පමණක් පරීක්ෂණ 1,580ක් කර ඇත. මේ අතර ඊයේ (25) වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් 12 ත් සමග ආසාදිතයන් ගණන 2,971 බවට ඉහල ගොස් ඇත. ඊයේ (25) පිටව ගිය සුවය ලැබුවන් පස්දෙනාත් සමග සමස්ත සුවය ලැබුවන් ගණන 2816 දක්වා ඉහල ගොස් ඇත. වෛරස අසාදනය වූ 143දෙනෙක් තව දුරටත් රෝහල්ගතව සිටිනබව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
 

More News..