brand logo

කොවිඩ් වෛරස් ප්‍රභේදයන් සොයා නව පරීක්ෂණයක්

22 April 2021

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟ කොවිඩ් වෛරස ප්‍රභේද පිළිබඳව නව පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීවවිද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මහතා ප්‍රකාශ කළේය. මෙම නව පරීක්ෂණ එළඹෙන අඟහරුවාදා සිට ආරම්භ කරන බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මහතා සඳහන් කරයි. දිවයින පුරා ව්‍යාප්තවන කොවිඩ් වෛරස ප්‍රභේදයන් සාමාන්‍ය පී.සී.ආර් පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට නොහැකි හෙයින් මෙම නව පරීක්ෂණයන් ආරම්භ කරන බව වෛද්‍යවරයා සඳහන් කරයි. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් ප්‍රභේද ශ්‍රී ලංකාව තුළ පැතිර ඇති ද යන්න මෙම පරීක්ෂණ මගින් අනාවරණය කරගැනීමට හැකිවනු ඇත. ඉතාමත් කෙටි කාලයකින් මෙම පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල ලබා ගත හැකි බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මහතා ප්‍රකාශ කළේය.
 

More News..