brand logo

කොවිඩ් වැලඳුනු ළමුන්ට තවත් මාරන්තික රෝගයක් වැළඳෙයි

19 June 2021

කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පෙන්වා දෙයි.

කොවිඩ් වෛරසය ආසාදනය වී සති 2 - 6ක් පමණ කාලයක් ගතවන විට එම නව රෝගී තත්ත්වය දරුවන් තුළ හට ගන්නා අතර එම රෝගී තත්ත්වයට දරුවන් නොදැනුවත්ව ම ගොඳුරු වී සිටිම එහි ඇති බරපතළ තත්ත්වය වන බව වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි.
උණ, දැඩි ඇඟේ වේදනාව, වමනය, බඩේ අමාරුව, පාචනය, ඇස් රතු වීම, ඇඟේ දද වැනි ස්වභාවයක් හට ගැනීම එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන අතර එහි භයානක තත්ත්වය වන්නේ හෘද වස්තුවට බලපෑම් කර රුධිර පීඩනය අඩුවීමෙන් දරුවා මියයෑම බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.
ඉහත දැක්වු රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා පවසයි. මෙය අලුත් රෝගී තත්ත්වයක් වන අතර මෙය 2020 අප්‍රේල මාසයේ දී එංගලන්තයේ දී හඳුනා ගෙන තිබේ. මේ වන විට එම රෝගී තත්ත්වයට පත්වු වයස අවුරුදු 8 ත් 15ත් අතර වු දරුවන් 6 දෙනෙක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍යවරයා සඳහන් කරයි.
 

More News..