brand logo

කොවිඩ් ලක්ෂණ නොපෙන්වන අයට වෙනම මධ්‍යස්ථාන

27 October 2020

කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් රෝහල් ගත කිරීමකින් තොරව විශේෂ මධ්‍යස්ථාන වල රැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත. ඒ සම්බන්ධව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ඒ සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස සඳහන් කර ඇත. "ඉදිරියේ දී භාහිරයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නන්නේ නැති රෝගීන් රෝහලක් නොවන නිරීක්ෂණ මධ්‍යස්ථානයක රඳවා තබාගෙන අවශ්‍ය කටයුතු කිරීමට අපි සැළසුම් කරලා තියෙනවා. "
 

More News..