brand logo

කොවිඩ් ලංකාවේ ලක්ෂ 3කට රැකියා අහිමිවේ

02 June 2020

කොවිඩ් වසංගතයත් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇඟලුම් කම්හලක රැකියා අහිමි වූ සේවකයන් තුන්සියයක් වෙනුවෙන් අද (02 වැනිදා) කම්කරු අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අන්තර් සමාගම් සේවක සංගමය තීරණය කර ඇත. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේද වසා දමා ඇති ඇඟලුම් කම්හලක සේවකයන් වෙනුවෙන් හෙට (03 වැනිදා) කම්කරු දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ ‘ අරුණට’ පැවැසුවේය. කොවිඩ් 19 වයිරසය නිසා මේ වන විට දිවයින පුරා කඩ සාප්පුවල සේවකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසකගේ රැකියා අහිමිවී ඇතැයිද තවත් සේවකයන් රැසකගේ වැටුප් සියයට 5 සිට සියයට 60 අතර ප්‍රමාණයකින් කප්පාදු කර ඇතැයිද හෙතෙම කීවේය. නිරෝධායන නීතිවලට ගරු කරමින් සීමිත පිරිසක් සමග අද සහ හෙට කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණ මෙම සේවක ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි කරන බවද හෙතෙම කියයි. අජිත් අලහකෝන්
 

More News..