brand logo

කොවිඩ් රෝහලක හෙද හෙදියන් නිහඬ විරෝධයේ

24 November 2020

කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන මාතර, නව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදියන් මෙලෙස නිහඬ විරෝධතාවයේ යෙදී තිබේ. අද (24) දින මෙලෙස නිහඬ විරෝධතාවයේ යෙදී ඇත්තේ තමන් වෙත ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බව පැවසේ. විරෝධතා පුවරු රැගෙන රෝහල් භුමියේ තුලම එම නිහඬ විරෝධය සිදුකර තිබේ.ප්‍රවාහන පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, ආහාර සහ නවාතැන් පහසුකම් ප්‍රමාණවත් නොවන බවට එම පිරිස සඳහන් කර තිබෙනවා. කොවිඩ් ප්‍රතිකාරට කරන රෝහලක් වන මෙහි ආසාදිතයන් 200ක් පමණ සිටියත් හෙද හිඟයක්ද පවතින බව විරෝධයේ නිරතවූවන් සඳහන් කරනවා.
 

More News..