brand logo

කොවිඩ් රෝගීන්ට ICU හිඟයි

07 May 2021

කොවිඩ් අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි සත්කාර ඒකකවල හිඟයක් පවතින බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පැවසීය. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේ "හෘද රෝගීන්ගේ සැත්කම් කරලා දාන දැඩි සත්කාර ඇඳන් තියෙනවා නේ. දැන් ඒවත් ගන්න යන්නේ. ඒ වගේ ඇඳන් හදන්න යන්නේ....."යනුවෙනි. කොරෝනා රෝගීන්ට පමණක් සුවිශේෂී වූ දැඩි සත්කාර ඇඳන් තියෙනවාද කියන එක දැන් ප්‍රශ්නය වෙලා තියෙන බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. සෞඛ්‍ය බලධාරීන් කියන්නේ පුළුවන් ප්‍රමාණය බවත් පුළුවන් ප්‍රමාණයත් වර්තමානයේ තියෙන ප්‍රමාණයත් අතර වෙනසක් පවතින බව වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..