brand logo

කොවිඩ් රෝගීන්ට ICU ඇඳන් 143ක් වෙන් වෙයි

01 November 2020

පවත්නා කොවිඩ් අවදානම හමුවේ දිවයින පුරා ICU ඇඳන් 143ක ප්‍රමාණයක් වෙන්කර ඇතැයි වාර්තාවේ. මේ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. එම ඇඳන් වලින් ' ඇඳන්වලින් 3ක් පමණක් මේ වන විට භාවිත කරන බවට තහවුරු වී ඇතැයි ද පවසනවා. වෛද්‍යවරයා වැඩි දුරටත් මෙලෙස අදහස් දක්වනු ලැබුවා. "අවදානම් ජනකොටස්වලට මේක ගියොත්, මේ ICU ඇඳන් භාවිතය මීට වඩා ඉහළ යනවා. ඒ අනුව සුළු මෙහොතකින් මේ ICU ඇඳන් සම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා. IDH රෝහලේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක එහෙම ICU ඇඳන්වල පිරී ඉතිරි යෑමක් සිදුව නෑ. IDH රෝහලට බොහෝ විට සංකූලතා එන්න පුළුවන් අය ඇතුළත් කරන නිසා රෝහලේ ඇඳන් බොහෝ විට සියයට 90 ඉක්මවලා පවතිනවා. මොකද හදිසි රෝගියෙක්ට අවශ්‍ය වුණොත් අපි පුළුවන් තරම් උත්සහ කරනවා එතැන ඉඩකඩක් තියා ගන්න. නමුත් ඊයේ රෑ 10 වන විටත් ICU ඇඳන් මුළු ලංකාවේම කොවිඩ් රෝගීන් සඳහා භාවිත කරලා තියෙන්නේ තුනක් විතරයි. IDH රෝහලේ මම දන්නා පරිදි ඇඳන් 10ක් තියෙනවා. මේ ඇඳන් තුන ඒ රෝහලේම ද කියලා මට තවමත් තොරතුරු ලැබිලා නෑ. නමුත් ඒක එසේ වුණත් IDH රෝහලේ ICU ඇඳන්වල සංතෘප්ත වීමක් සිදුව නෑ. නමුත් සමහර විට අවදානම් සහිත රෝගීන් නිරීක්ෂණය සඳහා ICU ඇඳන්වලට දාලද කියලා මම දන්නේ නෑ. "
 

More News..