brand logo

කොවිඩ් රෝගීන්ට දේශීය ඖෂධ දෙකක්

09 October 2020

කොව්ඩ් වෛරසය ආසාදිතයන්ට සහ එම වෛරසය ආසාදනය වීමට වැඩි ඉඩකඩ තිබෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ඹෟෂධ වර්ග කිහිපයක් මේ වන විට නිපදවා ඇත. ප්‍රතිශක්තිකරණ පානයක් සහ ආසාදිතයන් වෙනුවෙන් චූර්ණයක් හඳුන්වාදී ඇත. ආයුර්වේද දෙපාර්තමේන්තුව සහා ආයුර්වේද ඹෟෂධ සංස්ථාව ඒකාබද්ධව එම ඹෟෂධ හඳුන්වා දෙන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරනවා. ඹෟෂධ සියල්ලම 100% දේශිය ශා‍කසාර යොදා ගනිමින් නිෂ්පාදන කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරනවා. “සදංග පානය“ සහ “සුවධරණි ප්‍රතිශක්තිකරණ පානය“ නමින් එම ඹෟෂධ නම් කර ඇත. ලබන ඹක්තෝම්බර් 12 වන දා මෙම ඹෟෂධ එළී දැක්වීම සිදුකිරීමට නියමිතයි. එම ඹෟෂධ අද (09) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ද පිළිගන්වා තිබෙනවා.
 

More News..