brand logo

කොවිඩ් රෝගීන්ගේ ජාන පරික්ෂාවට නැනෝ ෆෝ තාක්ෂණය

17 June 2021

කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් සඳහා ලබන සතියේ සිට නැනෝ ෆෝ තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කරයි. [caption id="attachment_149415" align="aligncenter" width="591"]කොරෝනා එන්නතෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙලා ද බලන්න පරීක්ෂණයක් වෛද්‍ය චන්දිම ජීවන්දර[/caption] ඔක්ස්ෆඩ් නැනෝ ​ෆෝ ටෙක්නොලජි ආයතනය මගින් ලබා දුන් යන්ත්‍රයක් භාවිත කරමින් ජාන විශ්ලේෂණ පරීක්ෂණයන්ගේ පුහුණුවීම් ඊයේ (16 වැනිදා) සිට ආරම්භ කළ බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. නැනෝ ෆෝ තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කෙරෙන්නේ දැනට සිදුකරන ජාන විශ්ලේෂණ පරීක්ෂණයන්ගේ ධාරිතාව ඉහළ නැංවීමේ අරමුණින්ය. මෙම ජාන විශ්ලේෂණ පරීක්ෂණයන් සඳහා මෙතෙක් කලක් යොදා ගත් ඉලුමිනා තාක්ෂණය මිල අධික මෙන්ම ධාරිතාවය අඩු බවත් නැනෝ ෆෝ තාක්ෂණය මිල අවම හා ධාරිතාවය ඉහළ බවත් වෛද්‍ය චන්දිම පෙන්වා දෙයි.

පරීක්ෂණවල ප්‍රතිඵල දින 2කින්

ඉලුමිනා තාක්ෂණය යටතේ නියැදි 96ක් එකවර පරීක්ෂාවට ලක් කළ හැකි අතර ප්‍රතිඵල ලබා ගැනීමට දින 5ක් ගත වේ. නැනෝ තාක්ෂණයේ ප්‍රතිපල සඳහා ගත වන්නේ දින 2ක් පමණක් වන අතර ඒ සඳහා වැය වන මුදලද අඩු යැයි වෛද්‍ය ජීවන්දර කියයි. ශ්‍රියානි විජේසිංහ
 

More News..