brand logo

කොවිඩ් මෘතදේහ ආදාහනය නතර කරන්න

26 January 2021

කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සංවිධානය විසින් හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ භූමදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවට නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි එම නිවේදනයේ සඳහන් වේ. ඇතැම් අවස්ථාවලදී අදාල වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාල ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත. එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස ලක් රජයෙන් දැඩිව ඉල්ලා සිටින බව ජගත් මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ නිවේදනය ...... https://www.ohchr.org/EN/NewsEvents/Pages/DisplayNews.aspx?NewsID=26686&LangID=E  
 

More News..