brand logo

කොවිඩ් මැඩලීමට ස්වේච්ඡා බලකායක් පිහිටුවයි

10 June 2021

දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා ඍජුව දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයන් එම කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් ලබාගැනීමේ අරමුණින් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ. දැනටමත් ඒ සඳහා ඉතා විශාල පිරිසක් කැමැත්ත පළකර ඇති බැවින් ඒ සඳහා ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය හා කාලය කැප කිරීමට උනන්දුවක් දක්වන රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය සේවයේ නියුතු හෝ විශ්‍රාම ලත් කාර්ය මණ්ඩලයෙන් අභිමතය විමසීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. අයදුම්පත්‍රය මෙතැනින් - https://docs.google.com/forms/d/e/1FAIpQLSczr5UTD-2vecv3us6hIwgqhn8fuScqzG7PzYLm-jmtyQsttg/viewform  
 

More News..