brand logo

කොවිඩ් මර්දන නියෝග අකුරටම

10 August 2020

කොවිඩ්-19 මර්දනයට අදාළ නියෝග යළි බලාත්මක කරමින් අද (10 වැනිදා) සිට ඒවා අකුරටම ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පෙන්වා දෙන්නේ මහ මැතිවරණය හේතුවෙන් පසුගිය සති කිහිපයේදී යම් යම් නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවයි. මහ මැතිවරණය ඉතාම සාර්ථකව පැවැත්වීමට හැකිවූයේ කොවිඩ්-19 වයිරසය හොඳින් පාලනය කර තිබූ නිසා බවත්, එසේ නොවුණා නම් නිදහස් මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වන බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය දෙසතියේදී ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් බවද ඔහු පැවසීය. කොවිඩ්-19 අවදානම මෙරටින් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින් මහජනතාව සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව අනුගමනය කිරීම ඉතා වැදගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.   චාමර පල්ලේගෙදර
 

More News..