brand logo

කොවිඩ් මර්දන එන්නත් ලබා ගන්නා පුද්ගලයින්ට මුදල්

30 July 2021

කොවිඩ් එන්නත් ලබා ගැනීමට පැමිණෙන සෑම අයෙකුටම ඇමෙරිකානු ඩොලර් 100 බැගින් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන පුද්ගලයින්ව එන්නත් ලබා ගැනීම සදහා දිරිමත් කිරීම සදහා ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරයි. මේ වන විට ඇමෙරිකානු ජනගහණයෙන් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව 50%ක් පමණ වන අතර, එරට ජනගහණය මිලියන 330කට ආසන්න වේ. මේ අතර ඇමෙරිකාවේ ෆෙඩරල් සේවකයින් අනිවාර්යයෙන් එන්නත් ලබා ගත යුතු බවට ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. මිලියන දෙකක පමණ ෆෙඩරල් සේවකයින් එන්නත ලබාගත් පසු එහි ලියකියවිලි ඔවුන් සන්තකයේ තබා ගැනීම ද වැදගත් වේ.
 

More News..