brand logo

කොවිඩ් මරණ 8,500 ඉක්මවයි

28 August 2021

කොවිඩ් මරණ 212ක්

කොවිඩ් මරණ 212ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (27) දින තහවුරු කර ඇත. මෙම මරණ 212ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 212න් 109 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 103දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 173 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තා‍වක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ. එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 37 දෙනෙක් අවුරුදු 30 - 59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසති.
 

More News..