brand logo

කොවිඩ් මරණ සියයට 28කින් වැඩිවෙලා

09 June 2021

සංචරණ සීමා තවදුරටත් පවත්වන්නේ ද නැද්ද යන තීරණය ජුනි 14 තෙක් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය පදනම්ව රජය තීරණය කරනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව සදහන් කළේ අද (09) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පැමිණ සිටි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී අමාත්‍යවරයි පැවසුවේ පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට කොවිඩ් ආසාදිතයින්ගේ සුළු වැඩිවීමක් හා කොවිඩ් මරණවල සියයට 28ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි. කෙසේ වෙතත් සංචරණ සීමා පැනවීමට පෙර වෛරසය ඇතුළු වී ඇත්නම් දින 14ක කාලයක් පුරාවට එය ව්‍යාප්තවීමට හැකි බැවින් එම ආසාදිතයින් වාර්තා වන්නේ මේ වන විට බව ද අමාත්‍යවරිය සදහන් කරයි. එම ආසාදිතයින් ද ඉදිරියේදී වාර්තා විය හැකි බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.
 

More News..