brand logo

කොවිඩ් මරණ වළදාන්න පාකිස්තානු අගමැතිගේ සහාය පතයි

23 February 2021

    ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් 15 දෙනකු ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දී තිබේ. එම ලිපියට විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද අත්සන් කර ඇත. ලිපිය පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දුන්නේ යැයි ‘‘අරුණ’’ කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසුවේය. එම හමුව සඳහා වේලාව අද (23 වැනිදා) දින පෙරවරුවේ ලැබෙනු ඇතැයි එම මන්ත්‍රීවරුන් විශ්වාසය පළ කරති. කොවිඩ් ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නතර කිරීමට රජයට කරුණු දක්වන ලෙසට පාකිස්තාන අගමැතිවරයාට බල කිරීම මෙම හමුවේ අරමුණ වී ඇත. උදයජීව ඒකනායක
 

More News..