brand logo

කොවිඩ් මරණ වලින් ඉදිරියේදී රටට වෙන්න යන දේ පී.එච්.අයි. හෙළිකරයි

12 November 2020

කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කර නොගතහොත් රටේ ආර්ථිකයට ඉදිරියේදී දැඩි බලපෑමක් එල්ලවිය හැකි යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමය අවධාරණය කරයි. කොවිඩ් මරණ හෝ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යන්නේ නම් එය රටේ ආරක්ෂාවට, සංචාරක කර්මාන්තයට හා විදේශ අායෝජනයට සුදුසු නොවන බව සෞඛ්‍ය දර්ශක තුළින් හෙළිවීම රටට සම්බාධක පැනවීමට හේතුවක් විය හැකියැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේය. මේ නිසා පුරවැසියන් ලෙස වගකීමෙන් කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බැවින් නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයන් කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා කර ගැනීම කාගේත් වගකීමක් යැයිද හෙතෙම පෙන්වා දුන්නේය. මේ වන විට නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් බහුතරයක් නිවස තුළ මියයෑමේ අවදානමක් මතුව තිබෙන බැවින් ඔවුන්ගේ රෝගය උත්සන්න වීමට පෙර රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්නැයි එම සංගමය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. කොවිඩ් වයිරසයට බියේ රෝගී පුද්ගලයන් රෝහල්ගත නොකිරීම හේතුවෙන් මේ වන විට කොවිඩ් වයිරසය අසාදනය වී නිදන්ගත රෝග උත්සන්නව රෝගීන් මියයෑමේ අවදානමක් මතුව ඇතැයිද සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේය. ශ්‍රියානි විජේසිංහ
 

More News..