brand logo

කොවිඩ් මඩින්න යුධ හමුදා කාන්තා යතුරුපැදි බලකායක්

27 May 2021

කොවිඩ් අවධානම හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට හා සෞඛ්‍ය නීති කඩ කරන්නන් සොයා බැලීමට කාන්තා යුධ හමුදා සෙබළියන්ගෙන් සමන්විත විශේෂ කාන්තා යතුරුපැදි කණ්ඩායමක් ස්ථාපිත කොට ඇති බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි. ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම කාන්තා යතුරුපැදි බලඇණිය ස්ථාපිත කර ඇත. ශ්‍රී ලංකා යුධ හමුදා හත්වන කාන්තා බලකායේ කාන්තා යුධ හමුදා නිළධාරියන් සිය දෙනෙකුගෙන් යුත් විශේෂිත කාන්තා යතුරුපැදි බළකාය ස්ථාපිත කොට ඇති බවද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි. යුධ හමුදා හත්වන කාන්තා බලකායේ මේජර් රශ්මි ගල්හේන ගේ මෙහෙයවීම යටතේ කාන්තා යතුරුපැදි බලකාය ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම, හදිසි මාර්ග බාධක යොදා සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු නොකරන පිරිස් අත්අඩංගුවට ගැනීම නව යතුරුපැදි බලකාය ස්ථාපිත කිරීමේ අරමුණ වන බවද යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කර සිටියි. May be an image of one or more people, motorcycle, tree and road May be an image of one or more people, motorcycle and outdoors May be an image of motorcycle and outdoors
 

More News..