brand logo

කොවිඩ් බියට ගාල්ලේ සියලුම අධිකරණ දින තුනක් වැසේ

18 November 2020

බූස්ස බන්ධනාගාරයේදී ​කොරෝනා ආසාදනය වී ඇති සැකකරුවකු ඇප ලබා අධිකරණයට පැමිණීම නිසා සිකුරාදා (20 වැනිදා) දක්වා දින තුනක් ගාල්ලේ සියලුම අධිකරණවල නඩු කටයුතු නොපැවැත්වීමට ඊයේ (17 වැනිදා) ඒකමතිකව තීරණය කළ බව ගාල්ල නීතිඥ සංගමයේ ලේකම් සමිත් ගාල්ලගේ පැවැසීය. ​මේ අනුව ගාල්ල මහාධිකරණය, දිසා අධිකරණ තුන, සිවිල් අභියාචනාධිකරණය, මහෙස්ත්‍රාත් අධිකරණය, අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය සහ කම්කරු විනිශ්චයාධිකාරය ඇතුළු සියලුම අධිකරණවල නඩු කටයුතු පැවැත්වීම නතර කර ඇත. මෙම දිනවලට නියමිත නඩු කැඳවන ඉදිරි දිනය දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කරනු ඇත. එහෙත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම වැනි හදිසි නඩු කටයුතු නිවාඩු දිනවල සිදුකෙරෙන ආකාරයට මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන බවත් කැඳවීම් නඩු සහ විභාග නඩු නොපැවැත්වීමට තීරණය කළ බවත් නීතිඥ සමිත් ගාල්ලගේ පැවැසීය. ගැමුණු චන්ද්‍රලාල් - ගාල්ල
 

More News..