brand logo

කොවිඩ් පොකුරු මතුවීමට හේතුව මෙන්න

14 November 2020

කොවිඩ් පොකුරු මතුවීමට හේතුව අහඹු සමාජ නියැදි පරීක්ෂාව නිවැරදිව සිදු නොවීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ සමාජයෙන් අහඹු නියැදි පරීක්ෂාව සිදුකළේ නම් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරු මුලින්ම හඳුනාගැනීමට හැකියාව තිබුණු බවයි. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයා විසින් ඊයේ දිනයේදි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අද මාධ්‍ය හමුවේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වා තිබුණි. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයා තාම පිළිගන්නේ නෑ සමාජ නියැදි කරන්න ඕනෙ කියලා. ඉලක්කයට ගන්නේ නැතිව හතරේ හතේ වෙඩි තියන්න කියලා අපි කියන්නේ නෑ. ඉලක්කයක් තියෙන්න ඕනෙ. ඒක හදුනගෙන ඒ වැඩේ කරන්න ඕනෙ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ වගේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවට වඩා මේ සදහා ක්‍රම වේදයක් හදලා රටට ඉදිරිපත් කරන්න. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න කොහොමද අපි අහඹු නියැදි වලට යන්නේ කියලා. අඩුම ගානේ මේ මොහොතේදීවත් සමාජ නියදි කරන්න ඕනෙ කියලා පිළිගන්න. ඒක පිළිගන්නා තාක්කල් අනාගතයේදී අපිට පෑලිගොඩ පොකුරක් මතුවෙන එක අනාගතයේදී අපිට මිනුවන්ගොඩ පොකුරක් මතුවෙන එක අනුරාධපුරයෙන් කුරුණෑගලින් මතුවෙන එක අපිට නවත්වන්න බෑ.
 

More News..