brand logo

කොවිඩ් පාලනය ගැටළුකාරීයි

08 December 2020

ආර්ථික අපහසු තාවයන් ඇති කොවිඩ් රෝගයෙන් මියගිය අයගේ කටයුතු ඉල්ලීම පරිදි රජයේ වියදමින් සිදුකරන ලෙසට ජනාධිපති තුමන් උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කරනවා. කොවිඩ් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති බවත් රෝගය වැළඳුන පුද්ගලයන් එය සැඟවීමට උත්සාහ කරන බවත් එබැවින් පාලනය කිරීම ගැටලුකාරී බවත් එස්ම එය මග හරවා ගැනීම සඳහා උපාය මාර්ගික සැලසුම් අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර ඇත. එසේම දෛනික PCR පරීක්ෂාවන් ධාරිතාව වැඩි කිරීම කෙරෙහි අවධානය යොමුකළ අමාත්‍යවරිය ඒ සඳහා ඇති අපහසුතාවන් කෙරෙහිද විමසා බලා තිබේ. තවද රෝගීන් වාර්තාවන ප්‍රදේශවල පවතින ගිලන්රථ හිගතාවය කෙ‌රෙහි අවධානය යොමුකර ඇති අතර ඒ සදහා රෝගීන් වාර්තා නොවන ප්‍රදේශවල පවතින ගිලන්රථ භාවිතා කිරීමේ හැකියාව ගැනද අවධානය යොමුකර ඇත. රාජ්‍ය ඇමතිතුමියගේ ප්‍රධානත්වයෙන් අද (08) රැස්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ පැවැති කොවිඩ් 19 පිළිබද විශ්ලේෂණ කමිටුවේදී මෙම අදහස් පළකර තිබේ.
 

More News..