brand logo

කොවිඩ් පාලනයට සහ ජනතා සුභ සාධනයට රජය වැය කළ මුදල මෙන්න

05 June 2021

කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුභ සාධන ක්‍රියාවලිය උදෙසා රජය රුපියල් බිලියන 286ක මුදලක් මේ වනවිට වැය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. කොරෝනා වසංගත තත්ත්ව ආරම්භක පළමු අදියරේදී පවුලකට රු.5000ක මූල්‍යාධාර ලබාදීම සඳහා රුපියල් බිලියන අසූවක්ද අළුත් අවුරුදු සමයේදී තවත් රුපියල් බිලියන පහළොවක් සහ වර්තමානයේදී රුපියල් බිලියන තිස්පහක වශයෙන් ජනතා සුභසාධනය උදෙසා මුදල් වැයකර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම එන්නත්කරණය ඇතුළු ව්‍යවසන තත්ත්වයේ පාලනය සඳහා අනෙකුත් මුදල් වැය කිරීම සිදු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කරයි. කොවිඩ් 19 වසංගත තත්ත්යව පිළිබඳ මාධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී අද(05) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
 

More News..