brand logo

කොවිඩ් නීති කඩ කළ ආයතන 473කට නඩු

14 January 2021

ආයතන 473ක් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් එම ආයතන වලට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. ‍මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි. බස්නාහිර පළාතේ ඊයේ (13) සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවටගත්, මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..