brand logo

කොවිඩ් නිසා ලංකාවට විදේශ රැකියා 37000ක් අහිමි වෙලා

31 May 2020

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මැයි මස අවසන් වනවිට විදේශ රැකියා 37000ක් පමණ ශ්‍රී ලංකාවට අහිමිවනු ඇතැයි ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය ප්‍රකාශ කරයි. එලෙස රැකියා අහිමිවන්නන්ගෙන් බහුතරයක් නැවත මවුරට පැමණීමට උත්සාහ දරමින් සිටින අතරතුර දේශීය රැකියා අවස්ථා ප්‍රමාණයක්ද අඩුවී ඇතැයි එම ආයතනය තවදුරටත් සඳහන් කරයි. කොළඹ පදනම් කරගත් පර්‌යේෂණ සහ අධ්‍යයන ආයතනයක් වන මෙහි පර්‌යේෂක බිලේෂ වීරරත්න පවසන්නේ 2019 අප්‍රේල් මාසයේදී 15,000ක පමණ ශ්‍රමික පිරිසක් මෙරටින් විදේශගතව ඇති නමුත් 2020 අප්‍රේල් මාසයේදී එම අගය දෙගුණය වී ඇති බවයි. 2020 මාර්තු මාසයේදී සංක්‍රමණිකයන්ගේ විදේශ ගමන් සිදුව ඇත්තේ සැලසුම් කළ ප්‍රමාණයෙන් අඩක් (7500)ක් පමණ බව හෙතෙම පවසයි. කෙසේ වෙතත් විදේශයන්ගෙන් ලැබී ඇති වාර්තාවලට අනුව විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 37,500කට පමණ රැකියා අහිමිවී ඇතැයිද හෙතෙම සඳහන් කරයි. එසේ රැකියා අහිමි වූ ශ්‍රමිකයන් සහ ඔවුන්ගේ පවුල්වල 17000ක පමණ පිරිසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දරමින් සිටින බවද පර්‌යේෂකවරයා පවසයි. නයන තරංග ගමගේ
 

More News..