brand logo

කොවිඩ් නිසා රිදුන පුංචි හිත්වලට දිරිය දෙන්න වීර කතාවක්

10 April 2020

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, රතුකුරුස සංවිධානය ඇතුළු මානුෂීය අංශයේ සේවය කරන සංවිධාන 50 කට වැඩි සංඛ්‍යාවක සහයෝගීතාවයෙන් දරුවන්ට කොවිඩ් -19 වසංගතය පිළිබඳව අවබෝධ කරදෙන සහ ඒවාට අනුකූල වීමට උපකාර වන කතන්දර පොතක් නිර්මාණය කර තබේ. "මගේ වීරයා ඔබයි, කොවිඩ් -19 සමඟ දරුවන්ට සටන් කරන්න හැකිවන්නේ කෙසේද?" (My Hero is You, How kids can fight COVID-19!) මැයෙන් "ඇරියෝ" නම් මනංකල්පිත චරිතයක් වටා මෙම කතාන්දරය ගෙතී ඇත. තම පවුලේ සමාජිකයන් මෙන්ම මිතුරන්ද මෙම වෛරසයෙන් ආරක්ෂා කරගන්නා ආකාරය සහ වේගයෙන් වෙනස් වන යථාර්ථයන්ට මුහුණ කෙසේද යන්නත් වියෝව ආදි තත්ත්වයන් පිළිගනිමින් ජීවිතයට හුමුණ දෙන්නේ කෙසේද යන්නත් මෙමගින් දරුවන්ට අවබෝධ කරදීමට උත්සහ කර තිබේ. විශේෂයෙන් මෙම පොත වයස අවුරුදු 6-11 අතර ළමුන් ඉලක්ක කර ඇති අතර මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාම කෙරෙහි මූලිකත්වය දී ඇත.මේ වන විට එය අරාබි, චීන, රුසියානු, ප්‍රංශ, ස්පාඤ්ඤ භාෂාවලටද පරිවර්තනය කර ඇති අතර ඉදිරියේදී තවත් භාෂා 30 කට පරිවර්තනය කිරීමට කටයුතු කරමින් සිටී. එමෙන්ම මෙය අන්තර්ජාලය ඔස්සේ නොමිලේ පරිශීලනය කිරීමටද හැකියාව ඇති අතර ශ්‍රවණය කිරීමේ හැකියාවද ඇත. කොවිඩ් -19 වෛරසය ජීවිත බිඳ දමමින් ඇති අවස්ථාවක ධනාත්මකව සිටීමට සහ ආරක්ෂාකාරීව සිටීමට දරුවන්ට කළ හැක්කේ කුමද්ද යන්න තේරුම් ගැනීමට මෙම මනරම් පොත උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ඇඩනම් සඳහන් කරන්නේය. ශිරන්තනි මානවඩු
 

More News..