brand logo

කොවිඩ් නිසා මන්නාරමේ ගම් දෙකක් හුදකලා කරයි

11 October 2020

කොවිඩ් වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් මන්නාරම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හුදකලා කිරීමට පියවර ගෙන ඇත. මේ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි නම් ගම්මාන දෙක එසේ හුදකලා කර ඇත. මන්නාරම, ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක් අසළ ඉදිකිරීම් ස්ථානයක සිටි පුද්ගලයින් 6 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. ඒ හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ඊයේ (10) දිනයේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලින් මෙම පුද්ගලයින්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ පවසනවා. ඉදිකිරීම් වැඩ බිමක සිටි පුද්ගලයෙකුයි මෙලෙස උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගියදා රෝහල්ගත කිරීමෙන් අනතුරුව කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනා ගනු ලැබුවේ. වැඩබිමේ සිටි අනෙක් සේවකයින්ද පී.සී.ආර් පරීක්ෂණයට ලක්කර ඇති අතර එහිදී තවත් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගෙන ඇත. අදාළ වැඩ බිමේ සිටි සේවකයින් 40 දෙනෙකු සහ දේවස්ථානයේ පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇත.
 

More News..