brand logo

කොවිඩ් නිසා පුද්ගලික අංශයේ සේවකයන්ගේ පඩියට වෙන දේ

27 October 2020

පවත්නා කොවිඩ් වසංගත තත්වය නිසාවෙන් ඇතිවී තිබෙන පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සම්භන්ධයෙන් කාර්ය සාධක බලකායක් පත්කර ඇත. මේ සඳහා සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එය පත්කර ඇති බව අද (27) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර ඇත. කරුණු ගැන එකඟතාව පළකර ඇති බව ද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. එම කරුණු 4 මේ ආකාර වේ. කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වැඩ නවත්වන ලද ආයතනවල ඒ වන විට සේවය කරමින් සිටි සේවකයින්ගේ රැකියා අහිමි නොකර ඔවුන්ව පවත්වා ගෙන යෑම. දෙවැනි කාරණය, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මත සේවකයන්ගේ යම් ප්‍රතිශතයක් නම් සේවයට කැඳවන්නේ, ඒ සේවයට කැඳවන සේවකයින්ව සාමානුපාතිකව සේවයේ යෙදීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරගැනීම. වැඩ නොමැතිකම සේවකයින් නිවෙස්වල නැවැත්වීමේ අවශ්‍යතාවයක් මතුවෙලා තියෙනවා නම්, අවසානවරට ගෙවපු මූලික වැටුපෙන් සියයට 50ක් හෝ රුපියල් 14,500 කියන මුදලෙන් දෙකෙන් වැඩි එක නිවසේ රඳවා සිටින සේවකයින්ට ගෙවීම. ඒ ගෙවන මුදලට අවශ්‍ය සේවක නියුක්ති භාරකාර අරමුදට හා සේවක අර්ථ සාධක අරමුදලට අවශ්‍ය ගෙවීම් සේවා යෝජකයන් විසින් සිදුකිරීම. මේ එකඟතාවය කොවිඩ් වසංගතය මේ වන විටත් රටපුරා පැතිරෙමින් තිබෙන නිසා, 2020 දෙසැම්බර් දක්වාම ක්‍රියාත්මක කිරීමට කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.
 

More News..