brand logo

කොවිඩ් නිසා ප්‍රධාන පාසලක් වැසෙයි

16 February 2021

හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාසලක් අද (16) දින සිට තාවකාලිකව වසා දමා තිබේ. හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සදහන් කළේ එම පාසලේ ගුරුවරියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි. එම පාසල විෂබීජහරණය කරන තුරු මෙලෙස තාවකාලිකව වසා දමා ඇත. කොවිඩ්-19 වෛරසය ආසාදිත ගුරුවරිය සහ ඇගේ පෙම්වතා හදිසියේ රෝගීවීම හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඊයේ (15) දික්ඔය මූලික රෝහල වෙත ගොස් ඇත. එහිදී ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ආසාදිත ගුරුවරිය වලපනේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර, ඇයගේ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. ඉතා ආසන්න දිනයකදී ආසාදිත ගුරුවරිය විසින් පාසලේ ඉගැන්වීම් කටයුතු කර ඇති නිසාවෙන්, පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
 

More News..