brand logo

කොවිඩ් නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කරයි

29 April 2021

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නගරාන්තර දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එමෙන්ම පෙරවරු 8.30 ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1015 දරන සීඝ්‍රගාමී දුම්රිය 2021.05.08 හා 2021.05.14 යන දිනයන් හි සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 1016 දුම්රිය 2021.05.09 හා 2021.05.15 යන දිනයන් හි ධාවන වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අංක 1001 / 1002 දුම්රියන් සඳහා ප්‍රවේශපත් වෙන්කරගත් මගීන් සඳහා අංක 1005 හා 1006 දුම්රියන් හි ගමන් පහසුකම් සලසා හැකි බවත් ඒ සඳහා කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දුම්රිය 2021.05.01 , 02, 08,13, 14 සහ 15 යන දිනයන් හි පෙරවරු 6.30ට ගමන් ආරම්භ කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..