brand logo

කොවිඩ් නිසා අත්හිටුවූ ණය පොලිය යළි අයකර ගන්න වාණිජ බැංකු සටනක

02 June 2020

කොවිඩ් සහන ලෙස ණය පොලී අත්හිටුවීමට ලබාදුන් නියෝග අත්හිටුවා නැවත පොලී අයකර ගැනීමට අවසර දෙන ලෙස වාණිජ බැංකු මගින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා ඇත. එලෙස ණය සඳහා අය කෙරෙන පොලියෙන් අවම වශයෙන් කොටසක් හෝ අයකර ගැනීමට ඉඩ ලබාදෙන ලෙස බැංකුකරුවෝ මීට සති දෙකකට පමණ පෙර මහ බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් කළහ. මෙම තාවකාලික පොලී අත්හිටුවීම හේතුවෙන් බැංකුවල පොලී ආදායමින් අඩක් පමණ අහිමිවී ඇතැයි වාණිජ බැංකු පෙන්වා දී ඇත. මෙම පොලී නැවත අය කිරීම පිළිබඳව මහ බැංකුව සමග සාකච්ඡා කරමින් සිටින අතර සතියක් ඇතුළත තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි බැංකුකරුවෝ අපේක්ෂා කරති. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තෝරාගත් කර්මාන්ත සහ පුද්ගල කණ්ඩායම් වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාර්තු මාසයේදී සහන පැකේජයක් හඳුන්වා දෙන ලදී. මාර්තු 24 වැනිදා අදාළ පනත ඇතුළත් කරමින් නිකුත් කළ චක්‍රලේඛයක් ඔස්සේ සංචාරක, ඇඟලුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ සහ ස්වයං රැකියා ක්ෂේත්‍රවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය සහන ලබාදීමට වාණිජ බැංකුවලට නියෝග කර තිබිණි. නයන තරංග ගමගේ
 

More News..