brand logo

කොවිඩ් නසන්න ස්ප්‍රේ එකක්

26 November 2020

මේ වනවිට කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමට ලොව ප්‍රබල ඖෂධ නිෂ්පාදන සමාගම් අතර ඇත්තේ දැඩි තරඟයකි. එවැනි පසුබිමක, කොවිඩ් වෛරසය නැසිය හැකි "නාසයට ඉසිය හැකි දියරයක් - Nasal Spray" නිපදවීමට ඔස්ට්‍රියානු විද්‍යාඥයින් කණ්ඩායමක් මේ වනවිට අත්හදාබලමින් සිටී කොවිඩ් මර්ධන කටයුතුවල යෙදී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවක පිරිස් බේරාගැනීම එම ඖෂධ දියරයේ ප්‍රධාන අරමුණයි. ඔස්ට්‍රියාවේ ප්‍රමුඛ ඖෂධ සමාගමක් වන මැරිනොමෙඩ් බයෝටෙක් සමාගම විසින් මෙම අත්හදාබැලීම් සිදුකෙරේ. එරට පරීක්ෂණ මට්ටමේ පවතින ප්‍රථම කොවිඩ් රෝග නිවාරණ ප්‍රතිකාරය වන මෙම ඖෂධ දියරය පුද්ගලයින් 334 දෙනෙක් යොදාගෙන වියානා නගරයේ ස්ථාන දෙකකදී සායනික අත්හදාබැලීම් කිරීමට නියමිතය.
 

More News..