brand logo

කොවිඩ් නසන්න නම් ඇඳිරි නීතිය ලිහිල් කරන්න එපා

01 April 2020

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහාම නැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එමෙන්ම දැනට පවතින තත්ත්වය අනුව මේ මොහොතේ ගත හැකි දැඩි ක්‍රියාමාර්ග මගින් මෙම වෛරසය මර්දනය කර ගැනීමට කටයුතු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවවාද කරන බවද එම සංගමය කියා සිටී. කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සඳහා සමාජ දුරස්ථකරණ්‍ය 80%ට වැඩියෙන් පවත්වා ගන්නා ලෙසත් ඒ සඳහා සියලු පුරවැසියන් හැකිතාක් දුරට තම නිවස තුළටම වී සිටින ලෙසත් එම සංගමය ජනතාවට දැනුම් දෙයි. මීට අමතරව පොදු ජනතාව විසින් මුඛ ආවරණ පැලඳීම පිළිබඳ දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති උපදෙස් නැවත සමාලෝචනය කිරීම සඳහා කාලය එළැඹෙමින් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එමෙන්ම මෙම වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව විසින් පෞද්ගලික සනීපාරක්ෂාව සම්බන්ධව නිරන්තර අවධානය යොමු කළ යුතු යැයිද එම සංගමය ජනතාවට දැනුම් දෙයි.   චාමර පල්ලේගෙදර
 

More News..