brand logo

කොවිඩ් නව වයිරසය ගැන ප්‍රතිඵල හෙට

12 March 2021

කොවිඩ් නව වයිරස ප්‍රභේදය පැතිරී ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල 92ක ප්‍රතිඵල හෙට (13 වැනිදා) ලබාදෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර ‘අරුණ’ ට පැවැසීය. පසුගිය දිනවල කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීම්වලදී මෙරට පුද්ගලයන් 16 දෙනකුට නව කොවිඩ් වයිරසය ආසාදිත බවට හඳුනා ගැනුණි. කෙසේ වුවද එම නව වයිරසය බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වූ නව වයිරසය බවත්, දකුණු අප්‍රිකාවේ සහ බ්‍රසීලයෙන් වාර්තා වූ නව වයිරසය නොවන බවටත් වෛද්‍ය චන්දිම ජීවන්දර තහවුරු කළේය. වරුණි පෙරමුණ
 

More News..