brand logo

කොවිඩ් දේහ භූමදානය කළ හැකි තවත් ස්ථානයක්

05 March 2021

    අම්පාර ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක කොවිඩ් ආසාදිත දේහ භූමදාන කළ හැකි බවට නිර්දේශයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අලගියාහ් ලතා මහතා සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෘත දේහ භූමදානය කිරීම සදහා ඉරණතිව් දූපත තෝරාගැනීම කලත් ප්‍රදේශයේ ජනතාව තුළ මතුව ඇති නොසන්සුන් තත්ත්වය මත එළැඹෙන සදුඳාට පෙර කැබිනට් මණ්ඩලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාදිය හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කිලිනොච්චියේදී ප්‍රකාශකර ඇත. මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය සමග දුරකථනයෙන් කළ සාකච්ඡාවලදී ඉරණතිව් දූපතේ දේහයන් භූමදානය නුසුදුසු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පෙන්වාදී ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 26ක් රටට ලබාදෙන මුහුදු කූඩැල්ලන් අපනයන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති නිසා මෙම දූපත වෙනුවට විකල්ප දූපත් කිහිපයක්ම යෝජනා කර ඇති බවද ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කර ඇත.
 

More News..