brand logo

කොවිඩ් දේහ ආදාහනය ගැන රජයේ ස්ථාවරය වෙනස් වීමක් නැහැ

30 December 2020

මහර බන්ධනාගාරතුල පසුගිය නොවැම්බර් 29 වන දා ගැටුමෙන් මියගිය තවත් සිව් දෙනෙකුගේ සිරුරු ආදාහනය කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. එම රැඳවියන් සිව් දෙනා කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගනු ලැබුවා. මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙක් මියගිය අතර ඉන් 8 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් අතර ඒ අනුව ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ විශේෂඥ කමිටුවක් මගින් සිදුකළේය. මේ අතර මෙම නඩුව අද (30) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ දී කරුණු දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ කොවිඩ් ආසාදිත දේහ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය "ඒවා ආදාහනය කළ යුතුය" යන්න බවකි.
 

More News..