brand logo

කොවිඩ් ණය සහන තවත් දීර්ඝ කෙරේ

04 September 2021

මහ බැංකුව නිකුත් කළ නිවේදනය මෙන්න

කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත නව චක්‍රලේඛයක් පසුගිය සැප්තැම්බර් 01 දින නිකුත් කර ඇත.

මෙම වසංගත තත්ත්වයේ නව ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් බොහෝ පාර්ශවයන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් පසු මෙම දීර්ඝ කිරීම සිදු කළ බව එහි සඳහන් වේ.

එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන ණය සහන මෙම නවතම චක්‍රලේඛනය යටතේ ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන ලබා දිය හැකි බව ද මහ බැංකුව සඳහන් කර සිටී. එම චක්‍රලේඛය පහතින්.....
 

More News..