brand logo

කොවිඩ් ගැන බොරු බිය විපක්ෂයේ වුවමනාවක්-හිටපු ජනපති මෛත්‍රිපාල

01 June 2020

කොවිඩ් වසංගතයෙන් රටක් ලෙස අප මෙතෙක් මිදී නොමැති බව පවසමින් විපක්ෂය මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහය ගැන පුදුම නොවිය යුතු බවත් එය විපක්ෂයේ භුමිකාව බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව සිදු කිරීම ඔස්සේ රට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බවත් විධිමත් මෙන්ම ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයකින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමේ හැකියාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට තිබෙනවා බවත් ඒ මහතා කීය. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව පෙරේදා (30 වැනිදා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පොදුජන ​ සන්ධානය ලෙස ඊට සම්බන්ධව සිටින සියලු පක්ෂ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන බවද කී ඒ මහතා කො​රෝනා බලපෑමෙන් පසුබෑ මැතිවරණ ව්‍යාපාරය යළි ආරම්භ කිරීමට පසුබිම සැකසෙමින් තිබෙන බවද අවධාරණය කළේය. කමල් සුරවීර
 

More News..