brand logo

‘කොවිඩ්’ කාන්තා පීඩනය දෙගුණ තෙගුණ කරයි

30 April 2020

කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්වන කාන්තාවන්ගේ සංඛ්‍යාව මිලියන ගණනින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා වෛද්‍ය නටාලියා කෙනම් පවසන්නේ කොවිඩ්-19 වසංගතය ගෝලීය වශයෙන් කාන්තාවන් හා ගැහැනු ළමයින් කෙරෙහි ඇති කරන විනාශකාරී බලපෑම තමන්ට ලැබී ඇති නව දත්ත ඔස්සේ අනාවරණය කරන බවයි. ඇවෙන්යර් හෙල්ත් (Avenir Health) ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සහ වික්ටෝරියා විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල මත මෙම දත්ත සැකසුම සිදුකර ඇත. කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෑම සෞඛ්‍ය පද්ධතියකටම දරාගත නොහැකි බරක් පැටවීම හේතුවෙන් කාන්තාවන්ට අවශ්‍ය සුවිශේෂී සෞඛ්‍ය සේවාවන් සීමාසහිත වීම සහ වෛරසය වැලඳෙනු ඇතැයි බියපත් වීම නිසා කාන්තාවන් සහ ගැහැනු ළමුන් වැදගත් වෛද්‍ය පරීක්ෂණ මගහැර සිටීම යන හේතු මෙලෙස කාන්තාවන් සුවිශේෂී පීඩනයකට ලක්වීමට මූලික හේතූන් ලෙස එක්සත් ජාතීන් පෙන්වා දෙයි. ගෝලීය සැපයුම් දාමයන් බිඳ වැටීම හේතුවෙන් උපත් පාලන ක්‍රම හිඟ වීම සැලකිය යුතු බලපෑමක් එල්ල කරන අතර වසංගතය හේතුවෙන් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යෑමද (ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයම නිවාසවලට සිරව සිටින බැවින්) සැලකිය යුතු ලෙස වාර්තා වන බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.   නයන තරංග ගමගේ
 

More News..