brand logo

කොවිඩ් එන්නත ගත් සේවිකාවන් පිරිසක් කලන්තේ දාලා

25 June 2021

කෝවිඩ් මර්දන එන්නත ලබාදීමෙන් පසුව ඇතිවූ ආසාත්මිකතාවක් හේතුවෙන් කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. කිලිනොච්චියේ පිහිටි අදාල ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවිකාවන්ට මෙලෙස කොවිඩ් ප්‍රතිකාර එන්නත ලබාදීමේ කටයුතු සිදුවූ අතර එලෙස එන්නත ලබාගත් සේවිකාවන් පිරිසකගෙන් කොටසකට පමණක් මෙලෙස ආසාත්මිකතාවක් ඇතිව ක්ලාන්ත වීම් සිදුව තිබුණි. කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කරන ලද ඇඟලුම් සේවිකාවන්ගෙන් 20 ක් පමණ දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා වව්නියාව මහරෝහලට මාරු කොට යවා ඇත. කෙසේ වෙතත් රෝහලගත කරන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්ද නිශ්චිතවම මෙතෙක් අනාවරණය වී නොමැති බවත් ඔවුන්ගේ බරපතල නොවන බවත් වෛද්‍යවරු පවසයි.
 

More News..